නැගෙනහිර ආසියා කලාපයේ පවතින වායු දූෂණ තත්ත්වය බරපතල තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම තත්ත්වය වැඩිපුරම වාර්තාවන්නේ සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවලයි. එම රටවල්වල ඇතැම් ප්‍රදේශයන්හි පාසල් තාවකාලිකව වසා දැමීමට ද පියවර ගෙන තිබෙනවා. දූෂිත වායුන් නගර පුරා පැතිර යාම හේතුවෙන් සාමාන්‍ය තත්ත්වයට වඩා ජනතාව ලෙඩ රෝගවලට ගොදුරු වී ඇති බවයි දෙරටේ රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ. දුම්වැටි දුමාරයට සමාන මෙම දුමාරය හේතුවෙන් ආරක්ෂිත මුඛවාඩම් පළදින ලෙසට ද දැනුම් දී තිබෙනවා. එළිමහනේ ගිනි තැබීම් නැවැත්වීම, ප්ලාස්ටික් සහ දැව ගිනි තැබීමෙන් වැළකීම තහනම් කරමින් නියෝග නිකුත් කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. 1997 වසරේ දී ද මෙවැනිම වායු දූෂණ තත්ත්වයක් හේතුවෙන් මැලේසියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා.
The post නැගෙනහිර ආසියා කලාපයේ වායු දූෂණ තත්ත්වය වර්ධනය වෙයි appeared first on ITN News.
Post a Comment