එවරස්ට් කදුවැටියේ උස මැනීමට නේපාලය හා චීනය එකඟත්වය පළකළා. දැනට එහි උස මීටර 8848 ක් ලෙසයි සැලකෙන්නේ.
එහෙත් 2015 වසරේදී නේපාලයට බලපෑ භූම්කම්පාවෙන් එහි උස මීටර තුනකින් පමණ අඩුවී ඇති බවයි භූ විද්‍යාඥයින් පවසන්නේ. ඒ අනුව යළිත් උස මැනීම සදහා ඒකාබද්ධ වැඩපිලිවෙලක් ආරම්භ කිරිමට දෙරට එකඟවුණා. ජනාධිපති ෂී ජින්පින් නේපාල ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර තිබෙනවා.
කදුවැටිය පුර්ණ පරික්ෂාවකට ලක්කිරිමත් අපේක්ෂාවක්. මේවන විටත් නේපාලය විශේෂ කණ්ඩායමක් නිරික්ෂණය සදහා යොදවා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.
The post එවරස්ට් කන්දේ උස මැනීමට චිනය හා නේපාලය සුදානම් appeared first on ITN News.
Post a Comment