අධ්‍යාපනය සදහා දැනට වෙන් කර ඇති මුදලට වඩා විශාල මුදලක් යෙදවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අතරමං වී ඇති තාරුණ්‍යයට අනාගතය සකස් කර ගත හැකි පැහැදිලි මාර්ගයක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් සකස් කරන බවයි කුරුණෑගල පැවති ජන හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජනරැළි මාලාවේ තවත් ජනරැළියක් කුරුණෑගල වාරියපොළ නගරයේදී පැවැත්වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් බොහෝ පිරිසක් එම රැළියට එක්ව සිටියා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද මෙහිදී අදහස් දැක්වුවා.
The post අධ්‍යාපනයට විශාල මුදලක් යොදවනවා appeared first on ITN News.
Post a Comment