කිසිඳු කොන්දේසියකට රට පාවා නොදෙන බව ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නිකවැරටිය ප්‍රදේශයේ ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ජනරැළි කිහිපයක්ම පැවැත්වුණා. නිකවැරටිය , හිරියාල , දොඩංගස්ලන්ද, වාරියපොළ , මහව යන ප්‍රදේශවලදීයි එම ජනරැළි පැවැත්වුණේ. ඊට විශාල පිරිසක් එක්ව සිටියා. නිකවැරටියේ පැවති ජනහමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයන් 14 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක් වුණා. එස් බී නාවින්න, ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.
The post සජිත් ප්‍රේමදාස කොන්දේසිවලට යටත් කරන්න බැහැ appeared first on ITN News.
Post a Comment