Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වතුකම්කරු ජනතාවගේ සුබසිද්ධියට වැඩි වැඩ කොටසක් කරනවා  

Add comments

වතුකම්කරු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා වගකීමෙන් යුතුව වැඩි වැඩ කොටසක් ඉටු කිරීමට තමන් කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බදුල්ල,පස්සර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජනහමුව සංවිධාන කර තිබුණා. සජිත් ප්‍රේමදාස මහතාට සහාය පල කරන මහජන නියෝජිතයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර දියතලාව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදීද ජන හමුවක් පැවැත්වුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. හපුතලේ  එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන ආසන සංවිධායක සෙනරත් ජයසූරිය  මහතා එය සංවිධාන කර තිබුණා. ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන ඌව පළාත් සභාවේ හිටපු උපසභාපතිවරයකු වන විශ්වනාදන් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පල කරමින් මෙහිදී වේදිකාවට එක්වීම විශේෂත්වයක්. මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හාලිඇල ප්‍රදේශයේදීද ජනරැළියක් පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරයකු වන ඩබ්ලිව්.ඩී වික්‍රමරත්න මහතා මෙහිදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තා.  එක්සත් ජාතික පක්ෂ හාලඇලි ආසන සංවිධායක ජයන්ත කන්නන්ගර මහතායි ජනහමුව සංවිධාන කළේ. ***බදුල්ල නයන

 

The post වතුකම්කරු ජනතාවගේ සුබසිද්ධියට වැඩි වැඩ කොටසක් කරනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG