පැහැදිලි ස්ථිර ආර්ථික ප්‍රතිපත්ති සමගින් ජනතාව අපේක්ෂා කරන සුරක්ෂිත රටක් ගොඩනගන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කෙරෙන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් හොරණ නගර සභා පිටියේදී පැවැත්වුණා. සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාවෙන් පැවති රැළියට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පල කරමින් බොහෝ පිරිසක් සහභාගී වී සිටියා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙකුද මෙහිද අදහස් දැක්වුවා.
ජන රැළියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ස මහතා කියා සිටියේ තමා වටා සිටින්නේ වැඩ කළ හැකි පිරිසක් බවයි.
The post ජනතාව අපේක්ෂා කරන සුරක්ෂිත රටක් ගොඩනගනවා appeared first on ITN News.
Post a Comment