Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝඨාභය හැර අපේක්ෂකයන් සියලු දෙනා එකම වේදිකාවේ  

Add comments

ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයින් සියලු දෙනා එක් වේදිකාවකට ගෙන ඔවුන් ජනාධිපති වුවහොත් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ සංවාදය අද (05) පැවැත්වුණා. මාර්තු 12 ව්‍යාපාරයයි මෙය සංවිධාන කළේ. කෙසේ වුවද  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට පැමිණ සිටියේ නැහැ.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති මෙම සංවාදයේදී පුරවැසි නිරීක්ෂකයන්ගේ නම් ඇතුළු නාමාවලිය භාරදීමටද සංවිධායකයන් පියවර ගත්තා. එමෙන්ම මහජන ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීම සදහා මහජන අදහස් ඇතුළත් විශේෂ ලියවිල්ලක් භාරදීමද මෙහිදී සිදු කෙරුණා.

මැතිවරණ කොමිසමේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. ජනාධිපතිවරණ අපේක්ෂකයන් කිහිප දෙනෙකුම සංවාදයේදී අදහස් දැක්වුවා. එමෙන්ම ඔවුන් වෙත ඉදිරිපත් කළ ප්‍රශ්නවලටද පිලිතුරු ලබා දුන්නා.

The post ගෝඨාභය හැර අපේක්ෂකයන් සියලු දෙනා එකම වේදිකාවේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG