Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වහාම ගැටුම් අවසන් කරන්නැයි ජගත් සංවිධානය ඉරාකයට දැනුම් දෙයි  

Add comments

වහාම ගැටුම් අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉරාකයට දැනුම් දෙනවා. ප‍්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව ගැටලු විසඳා ගන්නා ලෙසයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයක මෙහෙයුම් ප‍්‍රධානී ජෙනින් හෙනිස් ඉරාකයෙන් ඉල්ලා සිටින්නේ.

ඒ පිළිබඳව ඉරාක රජය ගනු ලබන ඉදිරි කි‍්‍රයාමාර්ග ද ජගත් සංවිධානය අවධානයෙන් පසුවන බව ඔහු සඳහන් කළා. ඉරාක රජයේ දූෂණ සහ විරැකියාව ඉහළ යාමට එරෙහිව බැග්ඩෑඩ් නුවර දැවැන්ත විරෝධතා තවමත් පැවැත්නෙවා. එය ප‍්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන ඇති බවයි බීබීසී ප‍්‍රවෘත්ති සේවය සඳහන් කළේ. ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ද ගැටුම් හටගත්තා. විරෝධතා පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ වෙඩි ප‍්‍රහාර එල්ල කළා. කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර ද එල්ල කර තිබෙනවා. ගැටුම් හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව සියයක්. තවත් හාරදහසකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි අල්ජසීරා ප‍්‍රවෘත්ති සේවය සඳහන් කළේ.

The post වහාම ගැටුම් අවසන් කරන්නැයි ජගත් සංවිධානය ඉරාකයට දැනුම් දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG