Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිතීන්වලින් තොර ජනාධිපතිවරණයකට පක්ෂ විපක්ෂ අත්සන්  

Add comments

පොලිතින්වලින් තොර ජනාධිපතිවරණයක් සදහා පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයන් අද අත්සන් තැබුවා.

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සදහා පොලිතින් භාවිත කරමින් පරිසරය විනාශ නොකිරීමට සහ ප්‍රචණ්ඩත්වයෙන් තොරව මැතිවරණය පැවැත්වීමට සපථවෙමින් ජනතා පෙත්සමකට අත්සන් තැබීම මාතලේ නගරයේදී අද ආරම්භ වුණා. මාතලේ මාධ්‍යවේදීන්ගේ සංගමයයි එය මෙහෙයවූයේ. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ සහ මාතලේ නගරාධිපති ඩල්ජිත් අළුවිහාරේ යන මහත්වරුන් ඊට අත්සන් තැබුවා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරමින් මෙම පෙත්සමට අත්සන් තැබුවේ හිටපු අමාත්‍යවරයෙකු වූ රෝහණ දිසානායක මහතා සහ මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල බණ්ඩාර හීන්දෙණිය මහතායි. ජනතා විමුක්ති පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක ගමගෙදර දිසානායක මහතා ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් මෙම පෙත්සමට අත්සන් තැබුවා. පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post පොලිතීන්වලින් තොර ජනාධිපතිවරණයකට පක්ෂ විපක්ෂ අත්සන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG