ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ නව්‍යකරණ ප්‍රවේශයකින් අපද්‍රව්‍ය ධනයක් කර ගනිමු යන තේමාව යටතේයි.
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එක්වයි මෙම උත්සවය සංවිධාන කර තිබුණේ. ලෝක ජනාවාස දින සැමරුම් උළෙලට සමගාමී ලෙස චිත්‍ර තරගයක් හා රචනා තරගයක් ද පැවැත්වුණා. එහි ජයග්‍රාහකයන් වෙත ත්‍යාග හා සහතික පත් ප්‍රදානයක් ද මෙහිදී සිදු කෙරුණා. මෙහිදී අදහස් දැක් වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා සදහන් කළේ සති දෙකක් ඇතුළත ආදර්ශ ගම්මාන සියයක් ජනතා අයිතියට පත් කිරීමට හැකි වූ බවයි.
මේ අතර ලෝක ජනාවාස දිනයට සමගාමී ලෙස වව්නියාව දිස්ත්‍රික්කයේ නව ආදර්ශ ගම්මාන හතක් ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරුණා. වව්නියාව, වව්නියාව දකුණ, වෙන්ගල සෙට්ටිකුලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලයි මෙම ආදර්ශ ගම්මාන ඉදිකෙරුණේ. නැවත පදිංචි කළ සහ අඩුආදායම්ලාභී පවුල් 414 ක් සදහා මේ යටතේ නිවාස හිමිවුණා. ව්‍යාපෘති සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 210 ක්.
The post ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය අපේ ගම පරිශ්‍රයේදී appeared first on ITN News.
Post a Comment