ජගත් ආරක්ෂක මණ්ඩලය අනතුරු ඇඟවීමක් කළා. ඒ සිරියාවේ ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් පිළිබදව දැනුම් දෙමින්.
තුර්කිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඉන් සිරියාවේ සිවිල් වැසියන්ටත් දැඩි බලපෑම් එල්ල වුණා. ත‍්‍රස්තවාදී සාමාජිකයන්ට ආරක්ෂිත ස්ථාන කරා පළායාමටත් මෙහෙයුම් ඉවහල්වී ඇති බවයි ආරක්ෂක මණ්ඩලය පවසන්නේ. ඔවුන් එය දැඩි ලෙස හෙළාදැක තිබෙනවා. ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් පහළොස්දෙනාම විශේෂ සාකච්ඡාවකට එක්වුණා.
සිරියාවේ කි‍්‍රයාකාරකම් පිළිගත නොහැකි බවයි ඔවුන් පෙන්වාදෙන්නේ. යුරෝපා සංගමය ද ඊට දැඩි අප‍්‍රසාදය පළකර තිබෙනවා. සිරියාවේ ගැටුම් හේතුවෙන් 2011 වසරේ සිට මියගොස් ඇති සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ දහසක්. තවත් ලක්ෂ ගණනක් අවතැන් වුණා.
The post ආරක්ෂක මණ්ඩලයෙන් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.
Post a Comment