කේරල ගංජා කිලෝග‍්‍රෑම් 122 යි ග‍්‍රෑම් 200 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නාවික හමුදාව යාපනය කෝවිලම් සහ මාදගල්ල අතර මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුමකින්. කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි එකහමාරකට අධික බවයි නාවික හමුදාව පවසන්නේ. සැකකටයුතු ඩිංගි යාත‍්‍රාවක් නිරික්ෂණයවීමෙන් උතුරු නාවික විදානයට අයත් මුර යාත‍්‍රාවක් එය පරීක්ෂා කිරීමට පිටත් කර යවා තිබෙනවා. ඒ අනුව සිදුකළ සෝදිසි කිරීමේදී කේරල ගංජා තොගය සොයාගත් බවයි නාවික හමුදාව පවසන්නේ.
The post රුපියල් කෝටියකට අධික කේරල ගංජා යාපනය මුහුදේදී අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment