Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට ඇඳිරිනීතිය  

Add comments

උද්ඝෝෂණ හේතුවෙන් ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට ඇඳිරිනීතිය පැනවීමට එරට රජය ක්‍රියා කළා.

ඇඳිරිනීතිය පැන වූ පසුව ද උද්ඝෝෂණවල නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා. 105 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉරාකයේ උද්ඝෝෂණ පැවැත්වෙන්නේ 4 වන දිනටයි. මීට පෙර පැවති උද්ඝෝෂණවලදී ආරක්‍ෂක අංශ හා උද්ඝෝෂකයින් අතර ඇති වූ ගැටුම්වලදී පුද්ගලයින් 200 දෙනෙකු මිය ගියා. දූෂණය, වංචාව නතර කරන ලෙසට හා විරැකියාවට විසඳුම් ලබා දෙන ලෙසට ඉල්ලමින් මෙසේ උද්ඝෝෂණ පැවැත්වෙනවා. පාසල් සිසුන් ද ඒ සඳහා එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

 

 

 

 

The post ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට ඇඳිරිනීතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG