දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානය හෙවත් සාක් සංවිධානයේ 14 වන මහ ලේකම් ධුරය ශ්‍රී‍්‍ර ලංකාවට හිමිව තිබෙනවා.
ඒ නිව්යෝර්ක් නුවර පැවැති සාක් සංවිධාන අමාත්‍ය මණ්ඩල කවුන්සිලයේදී. මෙවර සාක් මහ ලේකම් ධුරයට හිටපු විදේශ කටයුතු ලේකම් සහ ජේ්‍යෂ්ඨ වෘත්තීය තානාපති ඇසළ වීරකෝන් මහතා පත්කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
නේපාල, ඇෆ්ගනිස්ථාන, භූතාන, ඉන්දීය, මාලදිවයින, පාකිස්ථාන සහ බංගලිදේශ විදේශ අමාත්‍යවරුන් මෙන්ම ශ්‍රී‍්‍ර ලංකාවේ විදේශ කටයුතු ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් සාක් අමාත්‍ය මණ්ඩල කවුන්සිලයේ හමුව පැවැත්වුණා. ඒ අනුව 2020 වසරේ මාර්තු මස පළමුවෙනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි මහ ලේකම් ධුරය ශ්‍රී‍්‍ර ලංකාවට පිරිනමා තිබෙනවා.
The post සාක් සංවිධාන මහ ලේකම් ධුරය ශ්‍රී‍්‍ර ලංකාවට appeared first on ITN News.
Post a Comment