Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කඩිනම් මැතිවරණයකට බි‍්‍රතාන්‍යය සැරසෙයි  

Add comments

කඩිනම් මැතිවරණයක් පැවැත්වීමට බි‍්‍රතාන්‍යය මහජන නියෝජිතයන්ගේ එකඟත්වය පළවුණා. අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඒ සඳහා ඉල්ලීමක් ද කර තිබෙනවා.

ඒ අනූව දෙසැම්බර් 12 වනදා මැතිවරණය පැවැත්වීමයි අපේක්ෂාව. බෙ‍්‍රක්සිට් ගිවිසුම හේතුවෙන් බි‍්‍රතාන්‍යය තුළ මතභේදාත්මක වාතාවරණයක් උත්සන්න වුණා. එය හෙටින් අවසන් වීමටයි නියමිතව තිබුණේ. කෙසේ වෙතත් මාස 03ක කාලයක් බි‍්‍රතාන්‍යයට ලබාදීමට යුරෝපා නායකයන් එකඟත්වය පළකළා.

ගිවිසුමකින් තොරව ඉන් ඉවත් වීමට හා කඩිනම් මැතිවරණයක් පැවැත්වීමට අවස්ථා කිහිපයකදීම අග‍්‍රාමාත්‍යවරයා යෝජනා ඉදිරිපත් කළා. එහෙත් එය පාර්ලිමේන්තුවේදි අනුමත වුණේ නැහැ. නව සැලසුම ලබන සතිය තුළ නීතියක් බවට පත්වනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

The post කඩිනම් මැතිවරණයකට බි‍්‍රතාන්‍යය සැරසෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG