Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොවම කම්පා කරමින් පුංචි සුජිත් දිවියෙන් සමු ගනී  

Add comments

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ උමගක සිර වූ සුජිත් විල්සන් දරුවා ලොවම කම්පාවට පත් කරමින් සිය දිවියෙන් සමුගත්තා.

තමිල්නාඩු ප්‍රාන්තයේ අතහැර දැමූ නල ලිදක් සදහා කැනීම් සිදු කළ අඩි 88 ක් ගැඹුරු  උමගකයි දරුවා සිරවී සිටියේ. දින 03 ක පමණ කාලයක් දරුවා උමග තුළ සිරවී සිටියා. පළමු දින දෙක තුළ දරුවා මවගේ හඩට ප්‍රතිචාර දැක්වුවද ඊයේ දිනයේ දරුවා හැඩීමක් හෝ කිසිදු චලනයක් සිදු කළේ නැහැ. ඔහුගේ සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරික්ෂණය සදහා තමිල්නාඩු රෝහලකට රැගෙන ගොස් තිබෙනවා. සුජිත් විල්සන් නමැති මෙම දරුවා පසුගිය සිකුරාද සවස එම නලය අසල සෙල්ලම් කරමින් සිටියදී එයට වැටී තිබෙනවා. එම අවස්ථාවේ සිට ඔහු බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළා. එම උමග අඩි 600ක සිට 1000 ක පමණ ගැඹුරකින් යුක්ත බවයි සදහන් වන්නේ.බේරා ගැනීමේ මෙහෙයුම්වලදී දරුවාට ඔක්ෂිජන් ලබාදීමට කටයුතු කළ ද වෙනත් කිසිදු පෝෂකයක් දරුවාට ලබාදීමට හැකියාවක් ලැබුණේ නැහැ. නලය තුළින් විෂ වායුවක් ආග්‍රහණය වීම තුළින් මරණය සිදු වන්නට ඇති බවටයි සැක පල කෙරෙන්නේ.

 

 

 

 

The post ලොවම කම්පා කරමින් පුංචි සුජිත් දිවියෙන් සමු ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG