බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හදිසි මහමැතිවරණයක් පැවැත්වීම සදහා පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වූයේ නැහැ.
දෙසැම්බර් 12 වනදා හදිසි මහමැතිවරණයක් පැවැත්වීමටයි බොරිස් ජොන්සන් යෝජනාව ඉදිරිපත් කළේ. පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයේදී ඊට විරෝධය පල කරමින් ඡන්ද 299 ක් ලැබුණු අතර පක්ෂව ඡන්ද 70 ක් ලැබී තිබුණා. බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු පනත අනුව හදිසි මහමැතිවරණයක් පැවැත්වීමට නම් මන්ත්‍රීවරුන් 650 දෙනෙකු අතුරෙන් තුනෙන් දෙකක සහාය හිමිවිය යුතුයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සදහා ලබන ජනවාරි 31 වනදා දක්වා කල් හිමිවීමත් සමගයි. කෙසේ වෙතත් ඊට පෙර මහමැතිවරණයක් කැදවීම සදහා පාර්ලිමේන්තුවේ අනුමැති ලබා ගැනීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා උත්සාහ කරනු ඇති බවයි විදෙස් විචාරකයින් සදහන් කරන්නේ.
The post බොරිස් ජොන්සන්ගේ යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වෙයි appeared first on ITN News.
Post a Comment