ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා.
අද පෙරවරුවේ දළදා මාලිගයට පැමිණි ඒ මහතා පිලිගත්තේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්. දලදා සමිදුන් වැදපුදාගත් සජිත් ප්‍රේමදාස මහතා ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව දලදා මාලිගා පරිශ්‍රයේ පිහිටි ශ්‍රී මහා නාථ දේවාලයේදී මහාසංඝරත්නයේ ජයපිරිත් සජ්ඣායනා කර අමාත්‍යවරයාට ආශිර්යවාද පල කළා. අස්ගිරි මල්වතු උභය මහා විහාරයන්හි අනුනාහිමිවරුන් වන් පූජ්‍ය නියංගොඩ විජිතසිරි හා වෙඩරුවේ උපාලි යන ස්වාමීන්වහන්සේ ද, විශාල පිරිසක්ද ඊට එක්ව සිටියා. අනතුරුව මල්වතු මහාවිහාරයට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටුවා. උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අස්ගිරි මහාවිහාරයට පැමිණි ඒ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන ස්වාමීන්වහන්සේ බැහැදුටුවා. උන්වහන්සේද සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද පල කළා.
The post සජිත් ප්‍රේමදාස මහතා දළදා මාලිගයට ගොස් ආගමික වතාවත්වල නිරත වෙයි appeared first on ITN News.
Post a Comment