ප්‍රංශයේ පැරිස් නුවර සිදු වූ පිහි ඇණුම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි පොලිස් මුලස්ථානයේ දී ඊයේ සිදු වූ පිහි ඇණුමකින් පොලිස් නිළධාරින් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. වසර 16ක් ප්‍රංශ පොලිසියට අනුයුක්තව සේවය කළ 45 හැවිරිදි පරිගණක විශේෂඥයෙකු ප්‍රහාරය සිදු කර ඇති බවටයි හෙළිවුණේ.
ප්‍රහාරය සිදුකළ පුද්ගලයා ද පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණා. ප්‍රහාරයේ අරමුණ මෙතෙක් හෙළිව නැහැ. ප්‍රංශ ත්‍රස්ත විමර්ශන ඒකකය මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භකර ඇති අතර මෙය ත්‍රස්ත ක්‍රියාවක් බවට ඔවුන් සැක පළකරනවා.
The post ප්‍රංශයේ පැරිස් නුවර සිදු වූ පිහි ඇණුම සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹයි appeared first on ITN News.
Post a Comment