Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැතිවරණ කොමිසම පත්තර කර්තෘවරුන් සහ මාධ්‍ය ප‍්‍රධානින් කැඳවයි  

Add comments

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා දෙකක් පෙරවරුවේ පැවැත්වෙනවා. එක් සාකච්ඡාවක් සඳහා කර්තෘවරුන් හා සංස්කාරකවරුන් කැදවා ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

අනෙක් සාකච්ඡාවට මාධ්‍ය ප‍්‍රධානින් කැඳවා තිබෙනවා. කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි කොමිසමේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේ.

මේ අතර දීර්ඝතම ඡන්ද පත‍්‍රිකාව මෙවර ඉදිරිපත් කිරිමට සිදුවනු ඇති බවත් කොමිසම පෙන්වා දුන්නා. අවශ්‍ය වුවහොත් ඡන්ද පෙට්ටි විදේශයකින් ගෙන්වීමටත් සැළසුම් කර තිබෙනවා.
ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා ද පුළුල් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක බව පැෆරල් සංවිධානය ප‍්‍රකාශ කළා. ආසියානු මැතිවරණ නිරික්ෂණ ජාලයේ 35 දෙනෙකු ද ශ‍්‍රි ලංකාවට පැමිණෙන බවයි විධායක අධ්‍යක්ෂ රෝහණ භෙට්ටිආරච්චි මහතා පවසන්නේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් නිරික්ෂණ සංවිධානවල දායකත්වය ලබාදෙන බවයි රෝහණ භෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේ.

The post මැතිවරණ කොමිසම පත්තර කර්තෘවරුන් සහ මාධ්‍ය ප‍්‍රධානින් කැඳවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG