ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන තිස්තුනයි දශම නවයක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියට අදාළ නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොණුකර ඇති නඩුව ලබන වසරේ ජනවාරි නව වනදා කැදවීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා.
මෙම නඩුවේ සාක්ෂි විමසීම දෙසැම්බර් මස 20 වනදා තෙක් සිදු නොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින් නඩුවේ සාක්ෂි විමසීම අද දින සිදු නොකරන බව ස්ථිර ත්‍රිපුද්ල මහාධිකරණය දැනුම් දුන්නා. අද දින මෙම නඩුව කැදවනු ලැබුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ජනවාරි 11 වනදා නිකුත් කළ නියෝගයට එරෙහිව අභියාචන පෙත්සම රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරනයේ ගොනු කරනු ලැබුවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සාක්ෂි විමසීම අද ආරම්භ කිරීමට නියමිතව තිබුණා. අද දිනයේ අධිකරයේ පෙනී සිටි සාක්ෂිකරුවන්ට නැවත දැනුම් දෙන දිනයේ අධිකරණයේ පෙනී සිටීමටද අවවාද කෙරුණා.
The post ගෝඨාභයට එරෙහි නඩුව කැඳවීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය දින දෙයි appeared first on ITN News.
Post a Comment