ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කර තිබෙනවා. ඒ ඉරාක අග‍්‍රාමාත්‍ය අදිල් අබ්දුල් මාඩි ගේ උපදෙස් මත.
විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ මගින් ප‍්‍රහාර එල්ල කිරීම හේතුවෙන් විශාල පිරිසක් මියගොස් තවත් විරෝධතාකරුවන් සිය ගණනක් තුවාල ලැබුවා. ඒ සමඟම බැග්ඩෑඩ් ඇතුලු ප‍්‍රධාන නගර වලට ඇඳිරි නීතිය පැනවීමටයි රජය කටයුතු කළේ.
මේ වනවිට තත්වය පාලනය කර තිබෙනවා.විරැකියාව, වංචා සහ දූෂණ වලට එරෙහිව තරුණ තරුණියන් දහස් සංඛ්‍යාත පිරිසක් ඉරාක විරෝධතා වලට එක්වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
The post ඉරාකයේ ඇඳිරි නීතිය ඉවත් කෙරේ appeared first on ITN News.
Post a Comment