ඉන්දියාවේ මුම්බායි නගරයට ආසන්න ප‍්‍රදේශයක පැවැති විරෝධතාවකදී පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අලුතින් ඉදිවන දුම්රිය මාර්ගයක් විරෝධතා වලට හේතුවූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
වනාන්තර ප‍්‍රදේශයක් හරහා එම මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර තිබුණා. එහිදී විශාල ගස් ප‍්‍රමාණයක් කපා ඉවත් කිරීමට සිදුවන බවයි විරෝධතාකරුවන් පවසන්නේ. විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් හටගැනීමත් සමඟ ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත් කළා. කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඔක්තෝබර් මස 21 වෙනිදා දක්වා දුම්රිය මාර්ගයට අදාල සියලු ඉදිකිරීම් නවත් වන ලෙසටයි මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්ත රජයට නියෝග කළේ. විරෝධතාවලදී අත්අඩංගුවට ගත් පිරිස් ද ඇප මත මුදාහැරීමට අධිකරණය තීන්දු කර තිබෙනවා.
The post ඉන්දියාවේ නව දුම්රිය මාර්ග ව්‍යාපෘතියක් සඳහා එරට අධීකරණයෙන් තහනම් නියෝගයක් appeared first on ITN News.
Post a Comment