මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී තිස්ස අත්තනායක මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (10) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විකාශය වූ වැඩසටහන් කිහිපයකින් ඒ මහතාට අසාධාරණයක් සිදු වූ බව පවසමිනුයි තිස්ස අත්තනායක මහතා මෙ පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ. ඇතැම් මාධ්‍ය ආයතන එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වැඩි ගුවන් කාලයක් වෙන් කරමින් ප්‍රතිරූප ගොනැගඞමට සැලසුම් කසහගතව ක්‍රියා කරන බවද ජනාධිපති මෙහෙයුම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
එය බරපතල අසාධාරණයක් මෙන්ම නීති උල්ලංඝනය කිරීමක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.
The post තිස්ස අත්තනායකගෙන් මැතිවරණ කොමිසම පැමිණිල්ලක් appeared first on ITN News.
Post a Comment