Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කලුතර ප‍්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි  

Add comments

කලුතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ හෙට (09) පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12 ක කාලයක්. ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත‍්‍රාගාරයට සපයන විදුලිබලය අත්හිටුවීමයි ඊට හේතුව.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කලුතර උතුර සහ කලුතර දකුණ ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමටයි නියමිත. කටුකුරුන්ද , නාගොඩ, පයාගල , පිලමිනාවත්ත , බෝම්ඹුවල සහ මග්ගොන ප‍්‍රදේශ ද ඊට ඇතුලත්. බේරුවල, කලුවාමෝදර , මොරගල්ල, අලුත්ගම , දර්ගානගරය සහ බෙන්තොට ප‍්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ.

The post කලුතර ප‍්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG