Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

IS නායකයාගේ ඝාතන මෙහෙයුමේ දර්ශන මාධ්‍යයට  

Add comments

IS ත්‍රස්ත නායකයා ඝාතනය කිරීමේ සිරියාවේදී සිදු වූ මෙහෙයුම්වල දර්ශන ඇමෙරිකා හමුදා අංශ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

අබු බකර් අල් බග්දාදි සැඟව සිටි ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරන වීඩියෝ පටයකුයි ඇමෙරිකා ආරක්ෂක අංශ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙන්නේ. බග්දාදි එම භූමියේ පිහිටි උමගකට ඇතුළු වී සියදිවි නසා ගැනීමේ කබායක් ඇද ගනිමින් දිවි හානි කර ගත් බවයි ඇමෙරිකා ආරක්ෂක අංශ සඳහන් කළේ. මෙම මෙහෙයුමෙන් පසු ඇමෙරිකාව සඳහන් කළේ IS නායකයා ඝාතනය කිරීමේ ප්‍රහාරත් සමඟ පළිගැනීමේ ප්‍රතිප්‍රහාර එල්ල විය හැකි බවයි. IS නායකයා ඝාතනය වී පැය 24 ක් තුළ භූගත උමගක වළ දැමූ බව ඇමෙරිකා මධ්‍යම අණදෙන නිලධාරිවරයා පවසනවා. ඔහුගේ සිරුරු කොටස් DNA පරීක්ෂණ සඳහා ද යොමු කර තිබෙනවා.

 

 

 

 

The post IS නායකයාගේ ඝාතන මෙහෙයුමේ දර්ශන මාධ්‍යයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG