නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කළ 1326 ක්ෂණික ඇමතුම් අංකය අවහිර කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඊයේ විදුලි සංදේශ කොමිෂන් සභාවට පැමිණියා.
සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත වන 1326 ක්ෂණික ඇමතුම් අංකය අවහිර කිරිම හේතුවෙන් එම පාර්ශ්වයෙන් මැතිවරණ කොමිසන් සභාවට පැමිණිල්ලක් සිදුකර තිබුණා. ඒ සම්බන්ධයෙන් සොයා බැලූ මැතිවරණ කොමිසන් සභාව එම අංකය භාවිත කිරීම සඳහා ඔවුන්ට අවසර ලබා දුන්නා. නමුත් අංකය යළි සක්‍රීය නොකිරීම පිළිබඳ විමසීම සඳහායි අජිත් පී පෙරේරා මහතා විදුලි සංදේශ කොමිසන් සභාවට පැමිණියේ. කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ෂමෙල් ජයතිලක මහතා නොසිටීම හේතවෙන් පැය පහකට අධික කාලයක් එහි රැඳී සිටීමට අමාත්‍යවරයාට සිදු වුණා.
The post 1326 ක්ෂණික ඇමතුම් අංකය අවහිර කිරීම ගැන සොයන්න අජිත් පී පෙරේරා විදුලි සංදේශ කොමිෂන් සභාවට appeared first on ITN News.
Post a Comment