තුර්කි ජනාධිපති රිසෙෆ් තයිප් එර්දෝගන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දුරකතන ඇමතුමක් ලබාදී තිබෙනවා.
එම දුරකතන සංවාදයේදී රාජ්‍ය නායකයින් දෙදෙනා ලබන 13 වනදා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී හමුවීමට සාකච්ඡා කර තිබෙනවා. සිරියාවේ ක්‍රියාකාරකම් හා ආරක්ෂක වැඩසටහන් ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී විශේෂයෙන් අවධාන යොමුකෙරෙනු ඇති. තුර්කිය රුසියාවෙන් මිසයිල ආරක්ෂක පද්ධතියක් ලබා ගැනීමට සැළසුම්කර තිබෙනවා. එහිදී ඒ සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post තුර්කි ජනාධිපතිගෙන් ට්‍රම්ප්ට දුරකතන ඇමතුමක් appeared first on ITN News.
Post a Comment