සිය බිරිද සහ කුඩා දරුවන් දෙදෙනා පුළුස්සා ඝාතනය කළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද (07) මරණ දඩුවම ලබාදුන්නා.
2012 වසරේදී මෙම ඝාතන සිදුවුණේ රත්මලාන ප‍්‍රදේශයේදිී. නිවසේ කාමරයක් තුළදී 35 හැවිරිදි බිරිද අවුරුදු 3 ක් වයසැති පිරිමි දරුවා සහ මාසයක් වයසැති බිළිදෙකු පුළුස්සා මරා දැමූ බවටයි ඔහුට චෝදනා එල්ලවුණේ.
විත්තිකරු මෙම අපරාධය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන බව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා දැනුම් දුන්නා.
The post සිය බිරිද සහ දරුවන් දෙදෙනා ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඩුවම නියම කෙරේ appeared first on ITN News.
Post a Comment