නැගෙනහිර සහ බටහිර ජර්මන් රාජ්‍යයන් එක්කළ බර්ලින් තාප්පය බිඳදැමීමේ 30 වන සමරුව අදට යෙදී තිබෙනවා.
ඒ නිමිත්තෙන් බර්ලින් නුවර විශේෂ උත්සව රැසක් සංවිධාන කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 30 වසරක සැමරුම සිහිපත් කරමින් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් වෙත සිහිවටනයක් යැවීමට ද ජර්මන් රාජ්‍ය නොවන සංවිධානයක් කටයුතු කර තිබෙනවා.
බර්ලින් තාප්පය බිඳදමා රාජ්‍යය දෙකක් එක්සේසත් කිරීමට ජෝන් එෆ් කෙනඩිගේ සිට රොනඩ්ල් රේගන් දක්වා ජනාධිපතිවරුන් කටයුතු කළ ආකාරය එම සිහිවටනය සමඟ ලිපියකින් දන්වා ඇති බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළේ.
The post බර්ලින් තාප්පය බිඳදැමීමේ 30 වසරක සැමරුම අද appeared first on ITN News.
Post a Comment