ගල්කඩා වැටීමේ අවදානම හේතුවෙන් වසා දමා ඇති ඇල්ල වැල්ලවාය මාර්ගය තවත් දින කිහිපයක් වසා තැබීමට සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
මෙම ප්‍රදේශයේ අඩි 750 ක් පමණ ඉහළ සිට පර්වතයකින් විශාල ගල් මාර්ගයට කඩා වැටීම සිදුවනවා. මේ හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවකටයි පත්ව සිටින්නේ. දුර ගමන් බස් රථ සේවා රැසක් ද මේ වනවිට තාවකාලිකව නතර කර තිබෙනවා.
මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ.
The post ඇල්ල වැල්ලවාය මාර්ගය තවදුරටත් වසා දැමේ appeared first on ITN News.
Post a Comment