ප්‍රංශයේ පැරිස් නුවර සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලැබුවා. 04 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
පැරිස් සිට ලන්ඩන් බලා ධාවනය වෙමින් තිබූ බස් රථය රියදුරුට පාලනය කර ගත නොහැකි වීමෙන් එය මාර්ගයෙන් ඉවට පැන මෙම අනතුර සිදු වුණා. අනතුරු සිදුව අවස්ථාවේ බස් රථය තුළ ප්‍රංශ ජාතිකයන් එකොලොස් දෙනෙකුද විදේශිකයන් විසි දෙදෙනෙකුද ගමන් කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයකුද ඒ අතර වනවා.
The post පැරිස් නුවර බස් රථ අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකුට තුවාල appeared first on ITN News.
Post a Comment