ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණ තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසරේදි ඉන්දියාවට බලපෑ දරුණුතම වායු දූෂණ තත්ත්වය මෙය බව සඳහන්.
නවදිල්ලි නුවරට හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද ඊයේ දිනයේ පියවර ගත්තා. නමුත් තවමත් වායු දූෂණයේ කිසිඳු අඩුවීමක් වාර්තා වී නැති බව සඳහන්. ඊයේ දිනයේ පැවති අධික වායු දූෂණ ත්ත්වය හේතුවෙන් ගුවන් යානා 31ක ගමන් අවලංගු කිරීමට පියවර ගැනුණා. ජනතාවට මුහුණු ආවරණ පැළද එළිමහන් කටයුතුවල නිරතවන ලෙස දැනුම් දී සිටිනවා. ජගත් සංවිධාන වාර්තා වලට අනුව ලෝකයේ වඩාත් දුෂණයට ලක්වූ නගර 15 අතරින් 14ක් ම තිබෙන්නේ ඉන්දියාවෙයි. මෙම තත්ත්වය අවම කිරීමට බලධාරීන් ප්‍රමාණවත් පියවර නොගන්නා බවටයි පරිසර වේදීන් චෝදනා කරන්නේ.
The post නව දිල්ලියට හදිසි සෞඛ්‍ය තත්ත්වයක් appeared first on ITN News.
Post a Comment