ඉරාකයේ නගර රැසක පවතින විරෝධතා හේතුවෙන් කාර්යාල හා පාසල් වසා දමා තිබෙනවා.
ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේයි විරෝධතා වැඩිවශයෙන් පැවැත්වෙන්නේ. පවතින රජයට විරුද්ධව මෙම විරෝධතා ආරම්භ වුණේ පසුගිය ඔක්තෝම්බර් 17 වනදා සිටයි. විරෝධතාකරුවන් මාර්ග අවහිර කරමින් විරෝධතාවල නිරතවනවා. ටයර් පුළුස්සමින් ඔවුන් කලහකාරි ලෙස හැසිරෙන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. බැග්ඩෑඩ් නගරයේ ගුරුවරුන් රැසක් මෙම විරෝධතා සඳහා තම සහාය පළකර තිබෙනවා. විරැකියාව, භණ්ඩමිල ඉහළ යාම , දූෂණය, ද්‍රරිද්‍රතාව වැනි හේතූන් මුල්කර ගිනිමින් මෙම විරෝධතා ආරම්භ වුණා. ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් 250 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
The post ඉරාකයේ නගර රැසක පවතින විරෝධතා හේතුවෙන් කාර්යාල හා පාසල් වසා දමයි appeared first on ITN News.
Post a Comment