යුරේනියම් බලගැන්වීම 05%ක් දක්වා ඉහළ නංවන බව ඉරානය පවසනවා. 2015 න්‍යෂ්ටික ගිවිසුමට තිබූ බැඳීම් වලින් ඉවත්වීමෙන් පසු මෙම නව අත්හදා බැලීම් සිදුකරන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.
2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් යුරේනියම් බලගැන්වීම 3.67% ක් දක්වා සීමා කර තිබුණා. එහෙත් ගිවිසුමේ කොන්දේසි කඩකරන බව සඳහන් කරමින් ඇමරිකාව ඉන් ඉවත්වීමත් සමඟ ගිවිසුම අවලංගුවූ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ඒ අනුව තවදුරටත් ගිවිසුමේ කොන්දේසි වලට යටත් නොවන බවට ඉරානය නිවේදනය කර තිබෙනවා.
The post යුරේනියම් බලගැන්වීම 5% ක් දක්වා වර්ධනය කරන බව ඉරානය කියයි appeared first on ITN News.
Post a Comment