Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිස් නිලධාරීන්ට අල්ලස්දීමට තැත් කළ දෙදෙනෙක් අත්අඩංගුවට  

Add comments

දංකොටුව කටුකෙන්ද මංසන්ධියේ මාර්ග බාධක රාජකාරියේ යෙදීසිටි පොලිස් නිලධාරින්ට අල්ලස් ලබාදීමට උත්සාහ කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව දෙසට ධාවනයවූ ලොරි රථයක් නැවැත්වීමට සංඥා කළ ද එය නොනවත්වා ධාවනය කර ඇති බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.

එහිදී ඒ දෙසටම ධාවනයවූ කැබ් රථයක් පොලිස් නිලධාරීන් අසළ නවත්වා ලොරි රථයේ ගමන් කරමින් සිටියේ තම පිරිසක් බව ප‍්‍රකාශ කර තිබෙනවා. එහි ගවයින් ප‍්‍රවාහනය කරමින් සිටින බව පවසා අල්ලස් වශයෙන් රුපියල් පන්සියයේ නෝට්ටු දෙකක් ලබාදීමටයි උත්සාහ කර තිබෙන්නේ. ඉන් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පළාගිය ලොරි රථය සහ සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.

The post පොලිස් නිලධාරීන්ට අල්ලස්දීමට තැත් කළ දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG