පසුගිය සමයේ අතුරුදන් වූ හා ඝාතනයට ලක් වූ මාධ්‍යවේදින් සිහි කිරිම යාපනයේදී සිදු කෙරුණා. යාපනය නගර මධ්‍යයේ පිහිටි මාධ්‍යවේදින් සිහි කිරිමේ ස්මාරකය ඉදිරිපිටදී සිහි කිරිමේ උත්සවය පැවැත්වුණේ.
ස්මාරකට පුෂ්පෝපහාර දැක්විමට උතුරේ මෙන්ම දකුණේ මාධ්‍ය වේදින් රැසක් සහභාගි වී සිටියා. අනතුරුව මාධ්‍ය නිදහස තහවුරු කරන ලෙස සදහන් අත්පත්‍රිකා බෙදා දෙමින් දැනුවත් කිරිමේ වැඩසටහනකටද මාධ්‍යවේදින් එක් වුණා. යාපනය ඇතුළු අවට නගර රැසක එම පත්‍රිකා බෙදා දීම සිදු වුණා. යාපනය මාධ්‍යවේදින්ගේ සංගමය, වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය, වව්නියා මාධ්‍යවේදින්ගේ සංගමය ඇතුළු මාධ්‍ය සංගම් කිහිපයක නියෝජිතයන් මෙම වැඩසටහන්වලට සහභාගි වුණා. ඝාතනයට ලක් වූ උදයන් පුවත්පතේ හිටපු මාධ්‍යවේදී නදීවරුමන් මහතාගේ නිවසට ගොස් ඔහුගේ මවගේ සුවදුක් විමසීමට මාධ්‍යවේදින් පියවර ගත්තා.
The post පසුගිය සමයේ අතුරුදන් වූ හා ඝාතනයට ලක් වූ මාධ්‍යවේදින් සිහි කෙරේ appeared first on ITN News.
Post a Comment