Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බොස්නියාවේ සංක්‍රමණික කඳවුරුවල ජීවත්වන ජනතාවගේ ජීවිත අවධානමක  

Add comments

බොස්නියාවේ සංක්‍රමණික කදවුරුවල ජීවත්වන ජනතාවගේ ජීවිත අවධානමකට ලක්ව ඇති බව සංක්‍රමණිකයින් සදහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසනවා. පවතින සීත කාලගුණය හේතුවෙන් අවධානම මතුව ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

බොස්නියාවේ සංක්‍රමණික කදවුරුවල සිටින ජනතාව දැඩි සීතලට නිරාවරණය වන බවයි සංක්‍රමනිකයින් සදහා වූ ජාත්‍යන්තර සංවිධානය පෙන්වා දෙන්නේ. බොස්නියාවේ වනාන්තර ප්‍රදේශවල මෙම සංක්‍රමණික කදවුරු පිහිටා තිබෙනවා. මැදපෙරදිග සහ ආසියා රටවලින් සංක්‍රමණය වූවන් එහි සිටින බව සදහන්. එම කදවුරුවල විදුලිය මෙන්ම ජලය ඉතා අවම මට්ටමක පවතින බවද වාර්තා වනවා. අධික සීතලෙන් ආරක්ෂාවීම සදහා ඔවුන් සීත කබා හෝ නොමැති බව සදහන්. 2018 වසරේ සිට හතලිස් දහසකට වැඩි සංක්‍රමණික පිරිසක් බොස්නියාවේ කදවුරුවල ජීවත්වන බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post බොස්නියාවේ සංක්‍රමණික කඳවුරුවල ජීවත්වන ජනතාවගේ ජීවිත අවධානමක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG