ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයට සාපේක්ෂව අද උදෑසන වන විට නව දිල්ලි නුවර වායු දූෂණය හදිසියේ වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් අභ්‍යන්තර ගුවන් ගමන් කිහිපයක් ද අවලංගු කෙරුණා. අගහරුවාදා වන තෙක් පාසල් වසා දැමීමටයි පියවර ගැනුණේ. උතුරු ඉන්දියා ප්‍ර දේශයේ වායු දූෂණය දරා ගත නොහැකි මට්ටමට පැමිණ ඇති බව සදහන්. නවදිල්ලියේ හදිසි සෞඛ්‍ය අවදානමක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. මාර්ග පැහැදිලිව නොපෙනීම හේතුවෙන් දැඩි රථවාහන තද බදයක් ද නගරය පුරා දැකගත හැකියි.
The post නවදිල්ලි නුවර වායු දූෂණය සීඝ්‍රයෙන් ඉහළ යයි appeared first on ITN News.
Post a Comment