හල්දුමුල්ල සිලතැන්න ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් නිවසක් මුළුමනින්ම විනාශයට පත් වුණා. තවත් නිවාස කිහිපයක් ගිලා බෑසිමේ අවධානමක පවතිනවා.
එම නිවාසවල පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට කටයුතු කළ බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවේ වර්ධනයක් සිදුවුවහොත් හල්දුමුල්ල කිරවනාගම මාර්ගයද ගිලා බෑසිමේ දැඩි අවදානමක පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.
The post හල්දුමුල්ල සිලතැන්න ප්‍රදේශයේ නායයාමකින් නිවසක් මුළුමනින්ම විනාශවෙයි appeared first on ITN News.
Post a Comment