ඇල්පිටිය ගෝනගල්ගොඩවත්ත ප්‍රදේශයේ සිදු වූ ගිලා බැසිමක් හේතුවෙන් ප්‍රදේශවාසින් දැඩි අසීරූතාවට පත්ව සිටිනවා.
ගෝනගල්ගොඩවත්ත ප්‍රදේශයේ නිවාස දෙකක් අතරයි මෙම ගිලා බැසිම සිදුව තිබෙන්නේ. මේ හේතුවෙන් අඩි විසිපහක පමණ විශ්කම්භයකින් සහ අඩි හතලිහක පමණ ගැඹුරකින් යුත් වලක් ද සෑදී තිබෙනවා. කුඩා ළමුන් නිරන්තරයෙන් ගැවසීම හේතුවෙන් මේ වන විට මහත් අනතුරුදායක තත්ත්වයකට මුහුණ දී සිටින බවයි ප්‍රදේශවාසින් සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිළධාරිනිය ප්‍රකාශ කර සිටියේ ගිලා බැසිම සම්බන්ධව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුවත් කර ඇති බවයි.
The post ඇල්පිටිය ගෝනගල්ගොඩවත්ත ප්‍රදේශයේ ගිලා බැසිමක් හේතුවෙන් ප්‍රදේශවාසින් දැඩි අසීරූතාවට appeared first on ITN News.
Post a Comment