ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී අරුණ ශාන්ත සිදු කළ පහර දීමකින් නාරම්මල මැටියගනේ ප්‍රදේශයේ ආබාධිත හමුදා සෙබලෙකු තුවාල ලබා තිබෙනවා.
ඩබ්ලියු එම් කරුණාපාල නැමැති මෙම හමුදා සෙබලා මැටියගනේ ප්‍රදේශයේ වෙළෙදසැලක් පවත්වාගෙන ගොස් තිබෙනවා. එම වෙළෙදසැලට පැමිණි අරුණ ශාන්ත මන්ත්‍රීවරයා හමුදා සෙබලාට පහාර දී වෙලෙදසැලට ද අලාභ හානි සිදු කර තිබෙනවා. මන්ත්‍රීවරයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා නාරම්මල පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. පහාරදීමෙන් තුවාල ලැබූ සෙබලාගේ බිරිද සහ ප්‍රදේශවාසින් එක්ව නාරම්මල බස්නැවතුම්පල ඉදිරිපිට විරෝධතාවකද නිරත වුණා. දේශපාලන රැකවරණ මත මන්ත්‍රීවරයා සැගව සිටින බවයි ඔවුන් එහිදි ප්‍රකාශ කර සිටියේ.
The post ආබාධිත හමුදා සෙබලෙකුට පහර දුන් පොදුජන පෙරමුණේ මන්ත්‍රී appeared first on ITN News.
Post a Comment