උසස්පෙළ සමත්වන සියලු දෙනාට සරසවි වරම් ලබා ගත හැකි පරිදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව වෙනසක් සිදුකරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ කුරුණෑගල දිස්ත්‍රික් ජන රැළිය හෙට්ටිපොල නගරයේදී පැවැත්වුණා. ඒ සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාවෙන්. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරමින් විශාල පිරිසක් ජන රැළියට එක්ව සිටියා. මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු ද මෙහිදී අදහස් දැක්වුවා.
මේ අතර ජනාධිපති අපේක්‍ෂ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන ජන හමු මාලාවේ තවත් ජනහමුවක් බදුල්ල වීල්ස් පාර්ක් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. බදුල්ල පොදුජන පෙරෙමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක තේනුක විදානගමගේ මහතා මෙම ජන හමුව සංවිධාන කර තිබුණා. විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හා මහජන නියෝජිතයින් රැසක් ඊට එක්ව සිටියා.
The post අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව වෙනසක් කරන බව ගෝඨාභය කියයි appeared first on ITN News.
Post a Comment