Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව දිල්ලි වායු දූෂණය තවත් ඉහළට  

Add comments

දිල්ලියේ වායු දූෂණ මට්ටම ඉතා දුර්වල ගණයට වැටී ඇති බව එරට වාර්තා පවසනවා. අද උදෑසන 9 වනවිට වායු තත්ව දර්ශකයේ 281 මට්ටමට එය ළඟාවී ඇති බවයි මධ්‍යම වායු දූෂණ පාලන මණ්ඩලය සඳහන් කළේ.

එය දර්ශකයේ 301 ත් 400 ත් අතර පැමිණි විට ප‍්‍රබල දූෂණ මට්ටමක් ලෙසයි සැලකෙන්නේ. දර්ශකයේ 400 ඉක්මවා ගිය විට දැඩි අවදානම් සහිත මට්ටමකට වායු දූෂණය පත්ව ඇති බව සලකුණු වන බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ. වායු ගෝලයේ ආර්ධතාවය 66% ක මට්ටමේ සහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.5 ක මට්ටමේදී දිල්ලියට ඉහළ අහස ඝන වළාවක් ලෙස දිස්වූ බව ප‍්‍රවෘත්ති වාර්තා පෙන්වාදෙනවා.

The post නව දිල්ලි වායු දූෂණය තවත් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG