ප්‍රධාන අපෙක්ෂකයින් හොරකම් ගැන කතා නොකිරීමට වගබලා ගන්නේ ඔවුන්ගේ වේදිකාවේ පසෙකින් හොරුන්ද සිටීම නිසා බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පිලියන්දල ප්‍රදේශයේ ජන හමුවක් අමතමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමේ ජනරැලි මාලාවේ තවත් ජන හමුවක් පිලියන්දල නගරයේදී පැවැත්වුණා. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. එම පෙරමුනේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ද මෙහිදී අදහස් පල කළා.
The post ප්‍රධාන අපෙක්ෂකයින් හොරකම ගැන කතා නොකරන හේතුව අනුර කියයි appeared first on ITN News.
Post a Comment