IS සංවිධානයේ හිටපු නායක අබු බකර් අල් බග්දාදිගේ සහෝදරිය තුර්කි හමුදා භාරයට ගෙන තිබෙනවා.
උතුරු දිග සිරියාවේ අසාස් නගරයේ සිදු කළ මෙහෙයුමකදී ඇය හමුදා භාරයට ගත් බවයි තුර්කි ආරක්ෂක අංශ සදහන් කරන්නේ. 65 හැවිරිදි රස්මියා අබාද් ලෙසයි ඇය හදුනාගෙන තිබෙන්නේ . ඇගේ සැමියා සහ ලේලියද තුර්කි හමුදා භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තුර්කි බලධාරීන් සදහන් කරන්නේ අයිඑස් සංවිධානයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් මෙම පිරිසගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි.
The post IS සංවිධානයේ හිටපු නායකයාගේ සහෝදරිය තුර්කි හමුදා භාරයට appeared first on ITN News.
Post a Comment