ස්වාධීන රූපවාහිනියේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වැඩසටහන් විපුල රත්නසිරි මහතා අභාවප්‍රාප්ත වුනා.
ස්වාධීන රූපවාහිනය ආරම්භ කළ අවධියේදීම 1979 වසරේ සේවයට එක්වූ ඒ මහතා 1994 වසරේදී නාට්‍ය ඒකකයේ ප්‍රධානියා බවට පත්වුණා. අනතුරුව සහකාර කළමනාකරු වැඩසටහන්, වැඩසටහන් කළමනාකරු හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වැඩසටහන් ලෙස තනතුරු කිහිපයක් හෙබවූවා. ස්වාධීන රූපවාහිනියේ අභිවෘද්ධිය වෙනුවෙන් ඒ මහතා විශාල සේවාවක් ඉටුකළා.
අභාවප්‍රාප්ත විපුල රත්නසිරි මහතාගේ දේහය අංක 375 පන්සල පාර වෑබඩ උතුර කිරිල්ලවල කඩවත යන නිවසේ තැන්පත්කර තිබෙනවා. අවසන් කටයුතු හෙට (03) පස්වරු 4 ට වෑබඩ උතුර පොදු සුසාන භූමියේදී සිදුකෙරෙනවා.
The post විපුල රත්නසිරි මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට appeared first on ITN News.
Post a Comment