Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන ජාතික මිනිස් ජාවාරම්කරුවෙක් කටුනායකදී අත්අඩංගුවට  

Add comments

සමාජ ජාල ඔස්සේ මිනිස් ජාවාරම් සිදුකළ චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීනයේ කි‍්‍රයාත්මක සමාජ ජාලයක් ඔස්සේ කි‍්‍රයාත්මක වෙමින් දකුණු ආසියානු කලාපයේ රටවල තරුණියන් මෙම ගිණුම වෙත ආකර්ෂණය කරගෙන ඔවුන් චීනය වෙත ගෙන්වා මිනිස් ජාවාරම සිදුකරන බවයි පරික්ෂණ වලින් හෙලිවුණේ. එහි ප‍්‍රධානියා ලෙස කටයුතු කළ චීන ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැණුනා. 28 හැවිරිදි ඔහු අබුඩාබි සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට ඇතුලුවී තිබෙනවා.

එහිදී ඇතිවූ සැකයක් මත විමර්ශන ආරම්භ කළා. ඒ අනුව අත්අඩංගුවට ගත් චීන ජාතිකයා ඔහු පැමිණි ගුවන් යානයෙන්ම නැවතත් අබුඩාබි නුවර වෙත පිටුවහල් කිරීමටයි ආගමන විගමන නිලධාරීන් පියවර ගෙන තිබෙන්නේ.

The post චීන ජාතික මිනිස් ජාවාරම්කරුවෙක් කටුනායකදී අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG