ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හය දෙනෙකු මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දැක්වීමට එක්වන බව ප්‍රකාශ කළා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදීයි.
අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු රැස්වීමකදීයි ඔවුන් මේ බව ප්‍රකාශ කළේ. හෙට (03) දිනයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් මාපලගම ප්‍රදේශයේ පැවැත්වෙන ජන හමුවේ දී මෙම පිරිස එම වේදිකාවට එක්වන බවද ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පළාත් පාලන ආයතනවලට තරග කළ අපේක්ෂකයින් 45 දෙනෙකු ද සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන බව ප්‍රකාශ කර තිබෙනවා.
The post තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හය දෙනෙකුගේ සහාය සජිත්ට appeared first on ITN News.
Post a Comment