නීතිවිරෝධී විදේශ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වුණා. ඒ මිද්දෙණිය ප්‍රදේශයේ කළ වැටලීමකදීයි.
විදේශ දුම්වැටි 1200 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඇසුරුම් 60ක තිබූ එම දුම්වැටි ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදීයි අත්අඩංගුවට ගැනුණේ. අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් ද ඊට සහාය වුණා. මිද්දෙණිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.
The post නීතිවිරෝධී විදේශ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment